FAST NEWS

24×7 Around the Globe

නිරෝෂන් දික්වැල්ලට දෙවැනි එක්දින තරගයත් අහිමී වෙයි…

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ලෙස කටයුතු කරන නිරෝෂන් දික්වැල්ල ආබාධයකට ලක්වීම හේතුවෙන් හෙට (28) බංගලාදේශ කණ්ඩායම සමග  පැවැත්වෙන දෙවැනි එක්දින තරගයත් ඔහුට අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

එ අනුව දික්වැල්ල වෙනුවට ඩිල්රුවන් පෙරේරා කණ්ඩායමට ඇතුලත් විමට නියමීත බවද වාර්තා වේ.

තරග තහනමෙන් පසුව දික්වැල්ල හෙට පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

මීට අමතරව වේග පන්දු යවන ක්‍රීඩකයන් වන නුවන් ප්‍රදීප් හා නුවන් කුලසේකරද කණ්ඩායමට කැඳවා බවද සඳහන්.

(ADS)