FAST NEWS

24×7 Around the Globe

විමල්ට අසාධ්‍යයයි- දැන් තත්වය මෙන්න…

පසුගිය 22 වන දින සිට වැලිකඩ හිරගෙදර සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවත්වන උපවාසය හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කලද දිගින් දිගටම ආහාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා ඔහුගේ තත්වය අසාධ්‍ය වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් ඔහුගේ ශරීරයේ සීනි මට්ටම පහල ගොස් ඇති අතර රුධිර ගමනාගමනයද අඩාල වී තිබේ.

මීට අමතරව හෘදය වස්තුවේ හා වකුගඩුවල තත්වයද වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කරමින් ඇත.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ වීරවංශ මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලට ඇතුලත් කරනු ලැබුවේ ඔහුගේ දැඩි විරෝධය මත බවත් මේ වන විටත් ඔහු අඛණ්ඩ උපවාසයේ නිරත වී සිටින බවත්ය.

මෙම උපවාසය ක‍්‍රියාත්මක කර ඇත්තේ අධිකරණයට එල්ල වන දේශපාලන බලපෑම්වලට එරෙහිව මිස අධිකරණ තීන්දුවකට එරෙහිව නොවන බවද එම පක්‍ෂයේ නියොජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවැසීය.