FAST NEWS

24×7 Around the Globe

පළමු තරගයෙන් තරගාවලියම ජය ගන්නා හැටි මොර්ටාසා කියයි…

දඹුල්ලේදී පැවති පළමු එක්දින තරගය ජයගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ නායක මෂ්රෆි මොර්ටාසා පැවසුවේ තරග තුනකින් යුත් තරගාවලියක ආරම්භක තරගය ජය ලැබිම තරගාවලිය ජය ලැබිමේ බලා‍පොරොත්තු කුළුගන්වන්නට හේතුවන බවයි.

“මම හිතන්නේ දැන් බංග්ලාදේශ පිලට ඉතා හොඳම කණ්ඩායමක් සිටින බවයි. මෙතෙක් සිටි කණ්ඩායම් හා සැසඳීමේදී තමීම් ඉක්බාල්, මුස් ෆිකාර් රහීම්, ශකිබ් අල්හසන්, මහමුදුල්ලා යන ක්‍රීඩකයින් පසුගිය අවුරුදු දහය තුළම ක්‍රීඩා කර හොඳින් අත්දැකීම් ලබාගෙන තිබෙනවා. යොවුන් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ සහාය හොඳින් ලැබෙනවා. කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවත් එයයි.

අපි හිතුවේ ලකුණු 270-280ක් ලැබිම හොඳ අභියෝගයකට ප්‍රමාණවත් කියලා. කෙසේ වු‍වත් අපිට හැකි වුණා ලකුණු 320 සීමාව ඉක්මවා යෑමට. තමීම්, හකීබ් හා ශබිර්ගේ දායකත්වය මෙන්ම අවසානයේ මහමුදුල්ලා හා මොසඩෙත් හුසේන් වේගයෙන් ලකුණු ලබාගැනීම අපිට ඉනිම ගොඩනැගීමට ප්‍රයෝජනවත් වුණා” යැයි පැවසු නායක මොතාසා අවසන් ඕවර දහය තුළ ලකුණු 109ක් රැස් කිරීමේ වාසිය ද ජයග්‍රහණයට මගපාදා දීමක් වූ බව සඳහන් කළේය.