FAST NEWS

24×7 Around the Globe

තරගය දිනු රස රහස වීරයා වු ඉක්බාල් මාධ්‍ය වෙත හෙළි කරයි..

මම ආරම්භයේදී ටිකක්‌ ලකුණු ගන්න බැරිව ඉන්න කොට අපේ ක්‍රීඩාගාරයෙන් පණිවිඩ එව්වෙ මට සෙමින් මගේ ස්‌ථාවරය හදාගෙන බැට්‌ කරන්න කියලා. එහෙම යනකොට මට මගේ රාජකාරිය කරගන්න පහසු වුණා යෑයි ශ්‍රී ලංකාවට එරෙහිව දෙවැනි එක්‌දින ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා වූ තමීම් ඉක්‌බාල් පළමු එක්දින තරගය පිළිබඳව මාධ්‍ය වෙත සිය අදහස් දක්වමීන් සඳහන් කළේය.

”මගේ රාජකාරිය එක පැත්තක්‌ පුළුවන් තරම් ආරක්‌ෂා කරගෙන ලකුණු ගන්න එක. හැමදාම මම බලන්නේ මගේ රාජකාරිය ඉටු කරන්න. මේ තරගයේදී ෂකීබ් අල් හසන් එක්‌ක මම පැති මාරු කරගෙන අමාරු වෙලාවෙදී බැට්‌ කළා. ඒ නිසා අපිට හොඳ සබඳතාවක්‌ පවත්වන්න පුළුවන් වුණා.” යෑයි ඉක්‌බාල් තවදුරටත් පැවසීය.

සෑම තරගයකටම පිවිසෙන්නේ ධනාත්මක චින්තනයෙන් බවත් පසුගිය අවුරුදු දෙකහමාර තුළ බංග්ලාදේශය ඉදිරියට ආ බවත් ඉක්‌බාල් පැවසීය.

”අපි සෙමින් සෙමින් තමයි නැගිට්‌ටෙ. මම හිතන්නේ පසුගිය අවුරුදු දෙකහමාර තුළ අපි ගොඩක්‌ ඉදිරියට ආවා. අපේ තරුණ ක්‍රීඩකයනුත් ඉතාමත් තරගකාරී මට්‌ටමකින් ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ ශක්‌තිය සහ ජ්‍යෙෂ්ඨයන්ගෙන් අපේ කණ්‌ඩායම දැන් ශක්‌තිමත්. නමුත් ඊළඟ තරගය අලුත් තරගයක්‌. ඒකට අලුත් සැලසුම් එක්‌ක යන්න ඕන.’

(ADS)