FAST NEWS

24×7 Around the Globe

සුනඛයෙකුට මිනිත්තු විස්‌සක් කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නේ මෙහෙමයි.. (ඡායාරූප)

ගින්නට හසු වූ නිවසකින් බේරා ගනු ලැබූ සුරතල් සුනඛයෙකුට මිනිත්තු විස්‌සක කාලයක්‌ කෘත්‍රිම ශ්වසනය ලබා දුන් ගිනි නිවන භටයෙකු පිළිබඳ ඇමරිකාවෙන් වාර්තා වේ.

කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා මොනිකා නගරයේ පිහිටි නිවස ගින්නට හසු වීමත් සමඟ උෂ්ණත්වය සහ ගින්නෙන් නැඟුණු දුමාරය හමුවේ සුනඛයා සිහිසුන්ව තිබේ.

කෙසේනමුත් නාලූ නමැති දස හැවිරිදි සුනඛයාගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ ඇන්ඩෲ ක්‌ලෙයින් නමැති ගිනි නිවන භටයාගේ දැඩි පරිශ්‍රමය හේතුවෙන් වන අතර ගිනි නිවන භටයාගේ එම ක්‍රියාකලාපය දැඩි ප්‍රශංසාවටද ලක්‌ව ඇති බව වාර්තා වේ.

ගින්නට හසු වූ නිවසේ නිදන කාමරයක්‌ තුළ සිහිසුන්ව වැතිර සිටි නාලූ සොයා ගනු ලැබූ ඇන්ඩෲ ” සම්පූර්ණයෙන් ඔහුගේ පණ ගිහින් වගේ තිබුණේ” යනුවෙන් පුවත් සේවයකට පැවසීය.

“මම ඔහු උස්‌සලා අරන් මහල් නිවසෙන් පිටතට දිව ගියා. මොකද කාලය කියන දේ ඉතා වැදගත් “යනුවෙන් ඔහු පැවසීය.

මේ වන විට නාලූ සම්පූර්ණ සුවය ලබා සිටින අතර සිය සුරතලාගේ දිවි බේරා දීම පිළිබඳ ඔහුගේ හිමිකාරිය ඇන්ඩෲ ඇතුළු සෙසු ගිනි නිවන භටයන් වෙත ස්‌තූතිය පළ කර ඇති බව වාර්තා වේ.