FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ දියණිය බන්ධනාගාරය ඉදිරිපිට හඬා වැළපුනේ මෙහෙමයි.. (වීඩියෝ)

සිය පියා නිදහස් කරදෙන ලෙස ඉල්ලා සිටිමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ දියණිය වන විමාෂා වීරවංශ දැරිය ඊයේ (24) පස්වරුවේ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටදී හඬා වැළපුනාය.

රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විමාෂා දැරිය සිය මව වන ශෂී වීරවංශ මහත්මිය සමග ඊයේ සවස 4.30ට පමණ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියාය.

එහිදී ශෂී වීරවංශ මහත්මියට සිය සැමියාගේ සුවදුක් විමසීමට ඉඩක් නොලැබුණු අතර දියණියට ඒ සදහා අවස්ථාව ලැබී තිබිණි.

මාධ්‍යවේදීන් සිය පියාගේ සුවදුක් කෙසේදැයි විමසූ අවස්ථාවේ විමාෂා හඩමින් වැලපෙමින් ‘එයාට අමාරුයි.. එයා මට ඕනෙ’ යැයි හඬා වැලපෙමින් පැවසුවාය.

වීඩියෝව පහතින්..