බංගලාදේශය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියට නවක ක්‍රීඩකයින් මෙන්ම අත්දැකීම් සහිත ක්‍රීඩකයින්ද පැමීණෙ ඇති බව ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින තරගයට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
“ටෙස්ට් තරගාවලියෙන් පස්සෙ මේක වෙනස් අංශයකින් (එක්දින) අළුත් තරගාවලියක් . මේකට හොඳ සූදානමක් සියළුදෙනාගේම තියෙනවා. එක්දින තරගාවලියට අළුත් ක්‍රීඩකයින් වගේම තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න වගේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඇවිල්ල ඉන්නවා.
ටෙස්ට් තරගාවලියේ අන්තිම තරගය පරාජය වුණාට පස්සෙ කණ්ඩායමේ හැම ක්‍රීඩකයින්ම ඉන්නෙ මේ එක්දින තරගාවලිය ජය ගන්න. අවසන් වරට පහුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී අපි සහභාගි වුණ එක්දින තරගාවලියේදී අසාර්ථක වුණත් අපිට එහිදී පන්දුවාර විස්ස තරගාවලිය ජය ගන්න හැකි වුණා.”
මෙම තරගාවලිය , ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් එක්දින තරගාවලිය වන අතර මෙම තරගාවලියෙන් පසු කණ්ඩායමෙ ශ්‍රේණිගත මට්ටම් ඉහළ නංවා ගැනීමට කණඩායමේ කතිකාවත කෙබඳුදැයි මාධ්‍යෙවිදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළීතුරු දුන් තරංග,
“විශේෂයෙන් ඒ පිළීබඳ සාකච්ඡා පැවැත්වුවේ නෑ. කණ්ඩායමක් විදිහට අපි හැම වෙලේම උත්සාහ කරන්නෙ සහභාගි වෙන හැම තරගයම ජයග්‍රහණය කරන්න. මීට අවුරුදු කිහිපයකට පෙර අංශ තුනෙන්ම අපි ඉහළින් සිටියත් දැන් ටෙස්ට් ,එක්දින හා පන්දුවර විස්ස යන අංශ තුනෙන්ම අපි රැඳී සිටින්නේ පහළින්. කණ්ඩායමක් විදිහට ඒ තත්වය මගහැර ගන්න උත්සාහ කරනවා. නමුත් අපිට මේකෙ ජයග්‍රහණය බෙහෙවින් වැදගත් වෙයි. ශූරයින්ගේ කුසලානයේ විශ්වාසය වැඩි කර ගන්න.” යැයි පැවසීය.
තරගය අද (25) ශ්‍රී ලකා වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වන්නේ දිවා-රාත්‍රී තරගයක් ලෙසිනි.
(ADS)