FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මහ බැංකු පොළී අනුපාත ඉහළ දැමේ..

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාත සියයට 0.25 කින් (පදනම් අංක 25 කින්) ඉහළ නැංවූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (24 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7.00 සිට සියයට 7.25 දක්‌වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 8.5 සිට සියයට 8.75 දක්‌වාද ඉහළ නැංවූ බවත් හෙතෙම සඳහන් කළේය.

උද්ධමනය ඉහළ යැම සහ අනාගත උද්ධමන අපේක්‍ෂා මැඩ පැවැත්වීම මේ පොලී අනුපාත ඉහළ නැංවීමට හේතුවූ බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.

පෙරේදා (23 දා) පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී මේ තීරණය ගත් බවත් එම පොලී අනුපාත වැඩිවීම ඊයේ (24 දා) සිට ක්‍රියාත්මක වන බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

(ADS)