හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තු සභා ගැබෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපන්දින සුබ පැතුම් පිරිනැමුවේය.
අගමැතිවරයාගේ උපන් දිනය ඊයේට යෙදී තිබුණු අතර මහින්ද රාජපක්‍ෂ මහතා සුබ පැතූ අවස්‌ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසුව එය පිළිගත්තේය.
හිටපු අගමැතිවරයකු වූ රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක යෝජනාව සාකච්ඡාවට ගත් අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්‌ව අදහස් ප්‍රකාශ කළේය. අගමැතිවරයාට පසු රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ අදහස් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්‍ෂ මහතාය. රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශය අවසානයේ මහින්ද රාජපක්‍ෂ මහතා “අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා” යෑයි කියමින් අසුන් ගත්තේය.









