FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි…

එක් ටෙස්ට් තරගයක් හා එක්දින තරග පහක් සඳහා සහභාගිවීමට සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිත බව වාර්තා වෙයි.

එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතය.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට පළමුව ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග තුනක් ඇතුළත්ව තිබුණත් පසුව එය එක් ටෙස්ට් තරගයකට හා එක්දින තරග පහක් ලෙස වෙනස් කර තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පසුගිය වසරේදීද සිම්බාබ්වේ හිදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්විණි.