FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙයි..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති අතර උපුල් තරංගට එහි නායකත්වය හිමිව තිබේ.

කඩුලු රකින ක්‍රීඩක මෙන්ම පිතිකරු කුසල් ජනිත් පෙරේරා පළමු තරග දෙකෙන් ඉවත් කර ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව පැවති පුහුණු තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වන නමුත් කුසල් වෙනුවෙන් සංචිතයට නම්වන ක්‍රීඩකයා මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කල ශ්‍රී ලංකා සංචිතයට නිරෝෂන් දික්වැල්ල / ධනංජය ද සිල්වා / කුසල් මෙන්ඩිස් / අසේල ගුණරත්න / දිනේෂ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලක ද ඇතුලත්ය.

සුරංග ලක්මාල් / ලහිරු කුමාර / විකුම් සංජය / තිසර පෙරේරා / සචිත් පතිරණ / සීක්කුගේ ප්‍රසන්න සහ ලක්ෂාන් සඳකැන් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වන අතරම දෙරට අතර පළමු එක්දින තරගය හෙට(25) දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.