FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් ප්‍රහාරයේ මහ මොළකරු හඳුනා ගැනෙයි…

එංගලන්තයේ ලන්ඩන් නුවරදී පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගැනීමට මෙරෝපොලිටන් පොලීසිය සමත්ව තිබේ.

කලිඩ් මසූඩ් නම් එංගලන්තයේම කෙන්ට් හි උපත ලබා ඇති පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති අතර 52හැවිරිදි කලීඩ්ගේ උපන් නම වන්නේ ඒඩ්ර්යන් එල්ම්ස්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර එයින් පස් දෙනෙකු පිරිමින් වන අතර ඉතිරි තිදෙනා කාන්තාවෝ වෙති.