FAST NEWS

24×7 Around the Globe

දැරියක් පාප් වහන්සේගේ හිස් පළඳනාව ගනියි… (වීඩියෝ)

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ හිස් පළඳනාව ලබා ගැනීමට උත්සාහ කරන තුන් හැවිරිදි දැරියක් පිළිබඳව වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.

ඊයේ (22) රෝමයේදී පාප් වහන්සේගේ ජනතා හමුවක් තුළදී එස්ටෙලා වෙස්ට්‍රේක් නැමැති දැරිය පාප් වහන්සේගේ හිස් වැස්ම ඉවත් කර තිබේ.

වතිකානුවේ නිලධාරියෙකු මෙම දැරිය පාප් වහන්සේගෙන් ආශීර්වාද ලබ ගැනීම සඳහා ඔසවා සිටි අවස්ථාවේදී ඇය පාප්වහන්සේගේ හිස් වැස්ම ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

හිස් වැස්ම ඉවත්කිරීමෙන් අනතුරුව ඇයගෙන් එය ලබාගෙන නැවතත් පාප් වහන්සේට ලබාදීමට වතිකානුවේ නිලධාරියෙකු කටයුතු කරන අතර කෙසේ වෙතත් මෙම සිදුවීම එම අවස්ථාවට මුහුණ දුන් පාප් වහන්සේගේ මෙන්ම රැස්ව සිටි ජනතාවගේද හාස්‍යයට ලක්විය.

එම වීඩියෝව පහතින්..