FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ – ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් තරගාවලිය කුසල්ට අහිමි වෙයි…

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට අහිමි වී තිබේ.

එසේ අහිමි වීමට හේතුව වී ඇත්තේ ඊයේ (22) පැවති පුහුණු එක්දින තරගයේ දී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ ඔහු වෙනුවට ආදේශ කරනු ලබන ක්‍රීඩකයා මෙතෙක් තීරණය කර නොමැති බවයි.

කෙසේවෙතත් වැඩි දුරටත් වාර්තා වුණේ කුසල් ජනිත් වෙනුවට මිලින්ද සිරිවර්ධන ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බවයි.

එසේම බංග්ලාදේශ – ශ‍්‍රී ලංකා පළමු එක්දින තරගය ලබන සෙනසුරාදා රංගිරි දඹුළු අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.