ඉන්දියාවේ බොලිවුඩ් හි සුප්‍රකට නිළි අයිශ්වර්යා රායි බච්චන්ගේ පියා වන ක්‍රිෂ්ණරාජ් රායි සෙනසුරාදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අවසන් කටයුතු ඉරිදා රාත්‍රී 8.30ට සිදුකළ බව ඉන්දීය වාර්තා සඳහන් කලේය.
සති තුනකට පෙර රෝගාතුරවීමෙන් අනතුරුව මුබ්බාහි ලීලාවති රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිද්දී මෙසේ මියගොස් ඇති බවද එම වාර්තා පෙන්වා දෙන්නේය.
සෙනසුරාදා ඔහුගේ රෝගී තත්ත්වය උග්‍රවීමත් සමග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර සෙනසුරාදා පස්වරු සවස 4ට පමණ ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසන ලදි.
එසේම ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහුට පිළිකා රෝගී තත්ත්වයක් මතුවී තිබූ බවයි.
ඔහුගේ මරණය ප්‍රකාශ වීමත් සමග එරට සුප්‍රකට නළුවන් වන අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන් සහ එරට චිත්‍රපට ක්ෂේත්‍රයේ සියලුදෙනා අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි බව සදහන් වන අතර ඊට අමතරව දහස් ගණන් ජනතාව අවසන් කටයුතු සිදු කෙරුණ අවස්ථාවටද සහභාගි වී ඇත.
ඡායාරුප පහතින්..

![]()




















