FAST NEWS

24×7 Around the Globe

ඉවන්කාට ධවල මන්දිරයේ කාර්යාලයක් – හේතුව මෙන්න..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් වෙනුවෙන් ධවල මන්දිරයේ කාර්යාලයක් සැපයෙනු ඇති බව එහි පරිපාලන නිලධාරීහු උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

ඇමරිකානු ජනපතිගේ විධායක බලය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු කරන ධවල මන්දිරයේ බටහිර කාර්යාල සංකීර්ණයේ ඉවන්කා ට්‍රම්ප් වෙනුවෙන් කාර්යාලයක් වෙන් කරනු ඇත.

නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ ඇයට රජයේ තනතුරක් හෝ වැටුපක් හිමි නොවන ඇති බවයි.

එසේම ධවල මන්දිර පරිපාලන නිලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මේ වන විට තිස් පස් වෙනි වියේ පසුවන ඉවන්කා ට්‍රම්ප්ට රජයේ රහස්‍ය තොරතුරුවලට ප්‍රවේශ වීමට පවා අවසර ලබා දෙනු ඇති බවය.