මෑතකාලීනව වෙළඳපළට නිකුත් කෙරුණු iPhone 7 සහ 7 Plus දුරකථන වල අලෙවිය පහත වැටීම හේතුවෙන්, රතු පැහැති iPhone 7 සහ 7 Plus සීමා සහිත දුරකථන නිකුතුවක් කිරීමට ඇපල් සමාගම සූදානම් වන බව දැනගන්නට ලැබේ.
මෙම දුරකතනය ඩොලර් 749කට මිල නියම කර ඇති අතර මේ සමගම clips නැමති new video-editing app එකක් හඳුන්වාදීමට ඔවුන් සූදානම් වේ.
එසේම මෙය මාර්තු 24දා වෙළඳපලට නිකුත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් දැනගන්නට ලැබේ.











