ගුවන් යානයක් සෞදි අරාබියේ බිෂා ගුවන්තොටුපොලට ගොඩබෑමට යාමේදී අනතුරක් සිදුව තිබේ.
සෞදි අරාබියේ කිංග් කලීඩා අන්තර්ජාතික ගුවන්තොටුපොලෙන් ගුවන්ගතවු සෞදි අරාබියන් ගුවන් සමාගමට අයත් 1733 දරණ ගුවන් යානාය මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා විය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගුවන් යානය ගොඩබෑමට යාමේදී එහි ඉදිරිපස ටයරයක් පුපුරාගොස් මෙම අනතුර සිදුව ඇති බවත් හා එහි සිටි මගීන්ට හානියක් නොවන ලෙස ගුවන් යානය ගොඩබැස්සවීමට ගුවන් නියමුවා සමත්ව තිබෙන බවයි.
පසුව ඉණිමං ආධාරයෙන් ගුවන්යානයේ සිටි මගීන් ඉවතට ගැනීමට ගුවන්තොටුපොල බලධාරීන් කටයුතු කර ඇති බව සදහන්ය.
ඡායාරූප පහතින්..












