සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා ස්ථානයක පිහිටි නාන කාමරයකින් වැසිකිළි කඩදාසි (toilet papers) සොරා ගැනීම වැළැක්වීම සඳහා ගනු ලැබූ අපූරු තාක්ෂණික ක්‍රියාමාර්ගයක් පිළිබඳ චීනයෙන් වාර්තා වේ.
‘Temple of Heaven’ උද්‍යානයේ සවි කර ඇති අදාළ යන්ත්‍රය අමුත්තන් වෙත වැසිකිළි කඩදාසි නිකුත් කිරීමට පෙර කැමරා ඔස්සේ ඔවුන්ගේ මුහුණු පරීක්ෂා කරනු ලබයි.
ඒ සඳහා අමුත්තන් වැසිකිළි බිත්තියට සමාන්තරව සිට ගත යුතු වන අතර සුළු මොහොතකට පෙර වැසිකිළි කඩදාසි ලබා ගත් පුද්ගලයන් හඳුනා ගැනීමේ හැකියාව යන්ත්‍රය සතුය.
ඒ අනුව මිනිත්තු නවයක කාල සීමාවක් තුළ එකම පුද්ගලයෙකුට දෙවරක් වැසිකිළි කඩදාසි ලබාගත නොහැක.
එමෙන්ම වැසිකිළිය භාවිත කරන පුද්ගලයෙකුට වරකට ලබාගත හැකි කඩදාසිවල දිග ප්‍රමාණය සෙන්ටිමීටර හැටක් පමණි.
(බීබීසී)











