බිරිය හා දරු තිදෙනා අතහැර අලුත් විවාහ ජීවිතයකට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු විශිෂ්ට ක්‍රීඩක චමින්ද වාස්ගේ පුද්ගලික ජීවිතය ගැන තොරතුරුයන පළවීමෙන් පසු ඔහු ඒ ගැන සතිඅන්ත පුවත්පතකට කරුණු දක්වා තිබේ.
එම සංවාදය පහත පරිදි විය..
ජීවිතයේ දුක්‌වුණ අවස්‌ථා කලකිරීම් එහෙම තියෙනවාද?
දුක්‌වුණ අවස්‌ථා අප්‍රමාණයි. නමුත් ක්‍රීඩකයෙක් හැටියට ඒ දේවල් ගැන නොසැලී,
පසුතැවෙන්නේ නැතිව ඉන්නවා. ඕනෑම ක්‍රීඩකයෙක්‌ට ප්‍රශ්න එන්න පුළුවන්. ප්‍රශ්නවලින් පලායන එක නෙමෙයි හරිදේ. ඒ දේවල්වලට මුහුණදීලා උත්තරදීලා ජීවිතය ජයග්‍රහණය කරන්න ඕනෑ.
පසුගිය කාලයේ ඔබට අන්තර්ජාලයේ හරියට මඩගැසීම් සිද්ධවුණා. ඒ දේවල් ගැන මොකද හිතන්නේ ?
ගොඩක් දේවල් ගැන මම වැඩිය හිතන්නේ නැහැ. චමින්ද වාස් කියන්නේ වැඩිය උඩ පනින චරිතයක් නෙමෙයි. නමුත් ක්‍රීඩා කරන කාලයේදී වගේම ක්‍රීඩාවෙන් සමුගත්තත් ඒ චමින්ද වාස්‌ම තමයි අදටත් ඉන්නේ. මම ජනතාවත් සමග හිටියා. කිසිම කරදරයක් නැතිව මගේ සාමාන්‍ය ජීවිතය ඒ ආකාරයෙන්ම ගතකරගෙන යනවා.
මඩගැසීම් ගැන මොකද හිතන්නේ. ඔබට තරහකාරයෝ ඉන්නවාද?
අද ලෝකයේ ගත්තොත් තරහකාරයෝ වැඩිවෙන්න පුළුවන්. යාළුවෝ වැඩිවෙන්න පුළුවන්. කොච්චර හොඳ යාළුවෝ හිටියත් ඔවුන් අන්තිමේ තරහකාරයෝ බවට පත්වෙනවා. එක් එක් සිදුවීම් අනුව. මුලින් කිව්වා වගේ මම කිසිම දේකට සැලෙන්නේ නැහැ. මම ක්‍රීඩා කරන කාලේ ඉඳන් ගොඩක් කට්‌ටිය මාව වට්‌ටන්න බලාගෙන ඉන්නවා. මට ඒ කාලෙත් අනන්ත අප්‍රමාණ දේවල් වුණා. ඉතිං චමින්ද වාස් කියන්නේ එහෙම වට්‌ටන්න පුළුවන් චරිතයක් නෙමෙයි. මම ගහපු ක්‍රීඩාවත් එක්‌ක පුද්ගලයෙක් හැටියට මම හරි ශක්‌තිමත්. මගේ මානසිකත්වය තවමත් ඉහළ තියෙනවා. ඔය කිසිමදෙයක් මම අවුලක් කියලා හිතන්නේ නැහැ. ඒ දේවල් බැලුවහම කාටවත් කරදරයක් නැතිව ජීවත්වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. දෙවියන්වහන්සේටත් හතුරෝ හිටියා. නමුත් ජීවත්වීම තමයි මූලික පරමාර්ථය.
පුද්ගලික ජීවිතයේ දේවල් අන්තර්ජාලයේ මේ විදිහට පළකළහම ඒ දේවල්වලින් සැලෙනවාද?
ඇත්තටම දුක්‌වෙන්නේ නැහැ. පෞද්ගලික ජීවිතය පිළිබඳව කාටහරි එළියට දාන්න ඕනෑ නම් ලෝකයට පෙන්වන්න ඕනෑ නම් මම ඒ දේවල් වලින් සැලෙන්නේ නැහැ. එහෙම කළහම වෙන්නේ ක්‍රීඩකයෙකුගේ චරිතය ඝාතනය කිරීමක්. මම මුලින්ම කිව්වා වගේ නැවතත් කියන්නේ ඔය දේවල්වලින් මම සැලෙන්නේ නැහැ. ඒ දේවල්වල ඔබ්බට ගියොත් තමයි ප්‍රශ්න මතුවෙන්නේ. මම එදිනෙදා මගේ වැඩකටයුතු කරගෙන ඉන්නවා.
(මීවිත-දිවයින)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.