FAST NEWS

24×7 Around the Globe

“බිකිණි බීන්” ලෙසින් එන අලුත්ම රසය වෙනස් විදිහකින්…

ඇමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටා ඇති අපූරු ආකාරයේ කෝපි අලෙවිසලක් පිළිබදව තොරතුරු අන්තර්ජාලයේ පළවී ඇති අතර එම අලෙවිසලේ නම “බිකිණි බීන් එක්ස්ප්‍රසෝ”නම් වේ.

මෙහි විශේෂත්වය වන්නේ කෝපි අලෙවිසලෙහි සේවයේ නියැලී සිටින සියලුම දෙනා කාන්තාවන් වීමත්, එම සියලුම සේවිකාවන්ගේ නිල ඇඳුම බිකිණියක් වීමත්ය.

සුන්දර දර්ශන දැකීමත් සමග පුද්ගලයන්ගේ කෑම රුචිය වැඩි වන නිසා තමන් මෙම නිල ඇඳුම තම සේවිකාවන්ට නියම කිරීමට තීරණය කළ බව එහි හිමිකාරිය පවසා ඇති අතර අවශ්‍ය නම් එම ඇඳුමට උඩින් ඉදිරිපසින් ඒප්‍රනයක් පැළඳ සිටීමට තමන්ගේ ආයතනයේ සේවිකාවන්ට අවසර දී ඇති නමුත් ඔවුන් කිසිවකු එසේ ඒප්‍රන් නොපළඳින බව එහි හිමිකාරිය වන කාලි ජෝ නැමැත්තිය පවසන ලදි.

වැඩිදුරටත් ඇය පවසන්නේ කාන්තාවන් සවි බල ගැන්වීම වෙනුවෙන් තම ආයතනය කාන්තාවන්ට පමණක්ම රැකියා අවස්ථා ලබා දෙන බවය.

බිකිණි බීන් එක්ස්ප්‍රසෝ අවන්හලේ තේමා පාඨය වන්නේ “මෙතෙක් කල් ඔබ රසවිඳි කෝපි රසින් අඩු ඇයි දැයි ඇවිත් බලන්න”යන්නය.