FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවට එන ගුවන් මගීන්ට රැගෙන එන්න තහනම් වන දේ මෙන්න…

මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් 8කින් ඇමරිකාවට පැමිණෙන ගුවන් මගීන්ට ටැබ්ලට්, ලැප්ටොප් පරිගණක වැනි විශාල ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන ඒම තහනම් කර තිබේ.

ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත්තේ එය ගුවන් සේවා 9කට සහ ගුවන් තොටුපළ 10කට බලපවත්වන බවයි.

ලැප්ටොප් පරිඝනක පමණක් නොව කැමරා, ඩී. වී. ඩී යන්ත්‍ර සහ ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ ද මෙලෙස ඇමරිකාවට ගුවන් මගින් රැගෙන ඒම තහනම් වේ.

ඇමරිකානු බලධාරීන් සදහන් කර ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරවල අවධානම හේතුවෙන් මෙම තහංචිය ක්‍රියාත්මක වන බවයි.