FAST NEWS

24×7 Around the Globe

මනුස් සහ නාවුරු කඳවුරුවල වෙසෙන සරණාගතයන්ගේ ඇඟිලි සලකුණු ගනියි..

අමෙරිකා එක්සත් ජනපද අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වන දෙපාර්තමේන්තුව මනුස් සහ නාවුරු රැඳවුම් කඳවුරුවල වෙසෙන සරණාගත පවුල්වල ඇඟිලි සලකුණු ලබා ගැනීම අරඹා ඇතැයි වාර්තා වේ.

මනුස් සහ නාවුරු සරණාගත කඳවුරුවල රඳවා සිටින සරණාගතයන් 1250 ක් දෙනා අමෙරිකාවේ පදිංචි කරවීම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව හා අමෙරිකාව අතර ඇති කර ගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමේ මුල් අදියර ලෙස මෙම කාර්යය සිදු කෙරෙන බව ‘ද වොෂින්ටන් පෝස්ට්‘ පුවත්පත කියයි.

පැපුවා නිව්ගිනිහි මනුස් දූපත් රැඳවුම් කඳවුරේ රැඳී සිටින සරණාගතභාවය ප්‍රතික්ෂේප වූ රැඳවියන් ක්ෂණිකව පිටුවහල් කිරීමේ සූදානමක් පෙනෙන්නට ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

900 අධික රැඳවියන් පිරිසක් මෙම කඳවුරේ රැඳී සිටින අතර ඉන් 250ක් පමණ දෙනා සරණාගතභාවය ප්‍රතික්ෂේප වූ රැඳවියන් ලෙස සලකා ‘සරණාගතයන් නොවන‘ප්‍රවර්ගයට ඇතුළත් කර තිබේ.

(MW)