FAST NEWS

24×7 Around the Globe

දිල්ලිය අතහැර ජේ.පී.ඩුමිනි IPL තරඟාවලියෙන් දොට්ට බසියි…

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී.ඩුමිනි එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.

සිය පෞද්ගලික හේතුවක් මත තමා එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහු පවසා ඇති අතර තමා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව ද ඔහු පවසන ලදි.

ජේ.පි ඩුමිනි, දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර  ඔහු මේ වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟවල වැඩිම ලකුණු ලාභීන් අතර පස් වන ස්ථානයේ පසු වෙයි.