FAST NEWS

24×7 Around the Globe

ට්‍රොලියකට පණ ඇවිත්- රෑ ගමන්කරන හැටි මෙන්න… (වීඩියෝ)

ආජන්ටිනාවේ Rosario හි රෝහලක් තුළ රාත්‍රියේ කිසිවෙකු නොමැතිව ට්‍රොලියක් ඉබේටම ගමන්කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වී තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම අද්භූත බලවේගයක් විසින් සිදුකරන ලද්දක් බවට විවිධ මත පළවූවත් මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම පළාතේ සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ මෙය හිතාමතා සැලසුම් කර සිදුකරන ලද්දක් බවයි.

එසේම අදාළ සිදුවීම පිළිබඳව එම රෝහලේ සේවකයන් දෙදෙනෙකු සම්බන්ධ බවට සැකකෙරෙන බව එම ප්‍රකාශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තාකර ඇති බවද දැනගන්නට ලැබේ.

මේ අතර මෙම සිදුවීම දැක්වෙන වීඩියෝව පරීක්ෂා කළ බොහෝ පිරිසක් සඳහන් කර ඇත්තේ මෙය මිනිස් ක්‍රියාකාරකමක් විය නොහැකි බවයි.

එම වීඩියෝව පහතින්..