ඇමැති තනතුරු දරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් සිය තනතුරු අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු ලෙස කටයුතු කිරීමට යන බව ආරංචි මාර්ග සඳහන් කලේය.
එම ඇමැති පිරිස ඉදිරියේදී ගනු ලබන තීරණය පිළිබඳ ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බවද දැනගන්නට ඇත.
ඇමැති තනතුරුවලින් ඉවත්වන එම පිරිස ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරු හැටියට ඉදිරියට කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධ නොවී පාර්ලිමේන්තුවේ හා ඉන් පිටතදීත් වෙනම කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් එම ආරංචි මාර්ග පවසන ලදි.
එජාපය හා ශ්රීලනිපය එක්ව යහපාලන ආණ්ඩුවක් පිහිටුවීමට ගිවිසුම්ගත වී ලබන අගෝස්තු 17 වැනි දිනට වසර දෙකක් සපිරෙතත් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය දිනෙන් දින ගිලිහී යමින් පැවැතීම නිසා තවදුරටත් යහපාලන ආණ්ඩුවේ රැඳී සිටීමෙන් ජනතා අප්‍රසාදයට ලක්වන බැවින් මෙසේ තනතුරු අත්හැරීම පිළිබඳ තීරණයක් ගැනීමට අදහස් කර ඇති බවද එම ආරංචි පෙන්වා දෙනු ලැබීය.
මෙම ඇමැතිවරු මේ තත්ත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා දැනුවත් කර කරුණු සැලකර ඇති බවත් යහපාලන රජයේ ඇමැතිවරු කිහිපදෙනකු පිළිබඳ මැති ඇමැතිවරු අතරේ අප්‍රසාදයක් පළවෙමින් තිබියදී එම ඇමැති තනතුරු වෙනස් කිරීම කෙරෙහි ජනාධිපතිවරයා හා අගමැතිවරයා සැලකිලිමත් නොවීමත් මේ ශ්‍රීලනිප ඇමැතිවරු පිරිස තනතුරු අත්හැරීමට එක් හේතුවක් වී ඇති බවද තොරතුරු වාර්තා විය.
එසේම ආණ්ඩුවෙන් ඉවත් වීමට අදහස් කර ඇති ඇමැතිවරු ඒකාබද්ධ විපක්ෂයට එක්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු ප්‍රබල උත්සාහයක යෙදෙමින් සිටින බවද පැවසේ.
ආණ්ඩුව අපහසුතාවට පත්වන හා අපකීර්තියට පත්වන අන්දමින් කටයුතු කරන කිසිම ඇමැතිවරයකු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට හෝ වෙනත් තනතුරකට පත්කිරීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරස් වන හෙයින් ඇමැති මණ්ඩල සංශෝධනයක් පිළිබඳ අපේක්ෂා කිරීම සිහිනයක් බව යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු බොහෝදෙනකුගේ අදහස වී ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වුවද ජනාධිපතිවරයා සෝවියට් දේශයේ සංචාරය නිම කර යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු රජයට එක්ව සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරු මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් නිගමනයකට එළැඹීමට අපේක්ෂා කරන බවටද වාර්තා වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.