FAST NEWS

24×7 Around the Globe

තරගය කණපිට පෙරලුණු හේතුව බංගලාදේශ නායකයා හෙළි කරයි..

පස්වැනි දිනයේ ලකුණු හඹායෑම පහසු කාර්යයක් නොවුනද තමීම් ඉක්බාල් සහ සබිර් හසන් තෙවැනි කඩුල්ලට ලකුණු 109ක සබඳතාවක් තැබිම තුළ ඉලක්කය කරා යෑමට පහසු වූ බව බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක මුෂ්ෆිකාර් රහීම් ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගය පිළබඳ අදහස් දක්වමීන් පැවසීය.

“ඇත්තටම මේ තරගයේ වටිනාකම කුමක්ද කියා අපි හොඳින් හඳුනාගෙන සිටියේ. අපි දැනගෙන හිටියෙ ‍පොඩියට සිදුවූ වැරදි තමයි කියා අවසානයේ තරගයට බලපෑමක් ඇති කරන්නේ. කොහොම වුණත් අපේ පිතිකරුවන් වගේම පන්දු යවන්නන්ද වඩාත් වගකීමෙන් ක්‍රීඩා කළ බව කිවයුතුයි. සකීබ් අල් හසන් ප්‍රථම ඉනිමේ ලකුණු 116 ක් ලැබුවා. ඒවගේම ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ මුස්ටෆිසූර් රහමන්ගේ පන්දු යැවීම තුළ මැදපෙළ පිතිකරුවන්ට ලොකු පීඩනයක් ලබාදීමෙන් කඩුලු ඉක්මනින් දැවී ගියා”.

කෙසේ  වුවත් සියවැනි ටෙස්ට් තරගය ඓතිහාසික ජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකිවීම සතුටක් බව රහීම් පැවසීය.

(ADS)