සෙල්ෆි (selfie) යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන පුරුද්දක් බවට පත්ව ඇති අතර මෙමගින් ජීවිතයේ නොයෙක් සිදුවීම් මුල්කොට තමන්ට තමන්වම ඡායාරූපයට නංවාගෙන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සමාජගත කිරීම බොහෝ දෙනෙකු තුළ පවතින පුරුද්දකි.
නමුත් ඕනෑම දෙයක අන්තයට යාම තුළින් ඒ පුද්ගලයාගේ මානසික නිරූපණයක් ඉදිරිපත් වන බැවින් මේ සෙල්ෆි ඡායාරූප ගැනීම සම්බන්ධ මානසිකත්වයන් ද අපගේ විමසුමට ලක් කළ යුතුය.
මේ පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේ පවසා තිබේ.
”සෙල්ෆි ඡායාරූප ගැනීමේ පහසුකම් සහිත ජංගම දුරකථනයක් හෝ කැමරාවක් ඇති ඕනෑම අයකුට කිසියම් අවස්ථාවක් මුල්කොට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ සිතුවිල්ලක් පහළ වී එය ක්‍රියාවට නැංවිය හැකියි. නමුත් ඒ පහසුකම් සහිත කැමරාවක් ඇති නිසා සෑම අවස්ථාවකම ‘සෙල්ෆියක් ගැනීම’ට සිත බල කිරීම ඔස්සේ ඒ තැනැත්තා සෙල්ෆි ඇබ්බැහියාවට (selfie addiction) නතුවිය හැකියි. එවන් තත්වයකට පත්වූවන් කරන්නේ තමන්ට හැකි සෑම අවස්ථාවකම ‘සෙල්ෆියක්’ ගැනීමට වෙර දැරීමයි.
මෙලෙස නිරතුරුවම සෙල්ෆි ගැනීමට යොමුවන්නේ තමන් පිළිබඳ සුවිශේෂී ආත්ම සංවේදීතාවයක් ඇති පුද්ගලයන් බව අනාවරණය වී තිබෙනවා. එසේ නැතත් ඒ සෙල්ෆි ඡායාරූප ගන්නා අවස්ථාවේ බාහිර පරිසරය වෙත ඇති අවධානය මුලුමනින්ම තමන් වෙත යොමුවීම නිසා ඒ තැනැත්තාගේ ආරක්ෂාව මඳ වී ඔහු හදිසි අනතුරකට ලක්වීමටත් ඇතැම්විට මරණයට පවා පත්වීමටත් පුලුවන්. වර්තමාන ලෝකයේ මෙම සෙල්ෆි මරණ (death by selfie) සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ඒවා පාලනය කිරීම කෙරෙහි ලෝක අවධානය පවා යොමුවී තිබෙනවා.
මෙසේ නිරන්තරයෙන් සෙල්ෆි ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රසිද්ධියට පත් කෙරෙන බොහෝ දෙනෙක් එමගින් තමන් පිළිබඳ සමාජමය ඇගැයුමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ගේ කඩවසම්බව, රූමත් බව, පෞරුෂය ආදිය පිළිබඳ පමණට වැඩි ඇගැයුමක් සහිත ආත්මරාගී පෞරුෂයක් (Narcissistic Personality) සහිත පුද්ගලයන් ද මෙලෙස නිතර නිතර තමන්ගේ සෙල්ෆි ඡායාරූප සමාජ ජාල වලට යොමු කොට ඉන් සෙස්සන් ගේ ඇගැයුමක් අපේක්ෂා කරනවා. නමුත් තමන්ට ලැබෙන ඇගැයුමින් ඔවුන් සෑහීමකට පත්වන්නේ නැහැ. එසේ අගැයුමක් ලැබෙන විට ඒ අගැයුම වැඩි වැඩියෙන් ලැබීමට ඔවුන් යොමුවෙනවා. මේ තත්වය යහපත් මානසිකත්වයක් සේ සලකනන්නට බැහැ.
නමුත් සමාජ ජාල වෙබ් අඩවි මගින් යමකුගේ සෙල්ෆි ඡායාරූපවලට විශේෂ අගැයුමක් දීමට කිසිවකුටත් අමුතු අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඉහත සඳහන් ආත්මරාගී පෞරුෂයෙන් යුතු අය සිතන්නේ තම හිතමිතුරන් තමන් හට හිමි කළ යුතු සැබෑ අගැයුම හිමි නොකරන බවයි. එහි දී එම මානසික තත්වය මුල් කොට ඒ තැනැත්තා ගේ සිත තුළ නොසන්සුන් බවක් කලකිරීමක් සේම එසේ තමන් අගැයුමට ලක් නොකරනවුන් පිළිබඳ නොරිස්සුමක් සහ කෝපයක් ද හටගත හැකියි.
එමෙන්ම එසේ තමන් සමාජ ජාල වෙබ් අඩවි මගින් ඉදිරිපත් කරන සෙල්ෆි ඡායාරූප මුල් කොට විවේචනාත්මක අදහස් පළ කරන්නවුන් ගමඟ ගැටුම් ඇති කර ගැනීමට ද පෙළඹිය හැකියි.
කෙසේ හෝ මා ඉහත සඳහන් කළ ආත්මරාගී පෞරුෂය සහිත පුද්ගලයන් මෙම සෙල්ෆි ඡායාරූප කලාව පදනම් කර ගනිමින් තමන්ගේ එම පෞරුෂය නිරූපණය කිරීමට වෙරදරන මුත් එය පුද්ගලයකුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කෙසේවත් යහපත් තත්වයක් නොවන බව ද කිව යුතුයි.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.