2009 වසරේදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ප්රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ බවට සැක කළ ත්රස්ත කණ්ඩායමේ නායකයා ඇමෙරිකා ආරක්ෂක අංශ එල්ල කළ ප්රහාරයකින් මියගිය බවට වාර්තා වේ.
මෙම ත්රස්ත නායකයා මියගොස් ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ බර්මල් දිස්ත්රික්කයේදී වන අතර ඔහු කාරි යෂීන් නමින් හදුන්වන ලදි.
එම ප්රහාරයෙන් යෂීන්ගේ ළඟින්ම සිටි තවත් ත්රස්ත සාමාජිකයන් තිදෙනකුද මියගොස් ඇති බව වාර්තා වූ අතර යෂීන් ලොව ප්රබල ත්රස්ත සංවිධාන කිහිපයකටම සම්බන්ධ වූ නායකයකු විය.
එසේම අල්කයිඩා සහ ජුන්ඩල්ලා සටන්කාමීන් විසින් දියත් කරන ලද ප්රහාර ගණනාවකටම ඔහු සහාය ලබා දුන් අයෙක්ද වේ.
ඡායාරූප පහතින්..












