FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකිකයෙකුට හිමිවන ඉහළම සම්මානය ජනපති අතින් පුද කෙරෙයි.. (ඡායාරූප)

2017 ජාතික සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) නෙළුම් පොකුණ රඟහළේදී පැවැත්වුණ අතර මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණේ මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ඨ මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි.

එම ජාතික සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබූ පුරවැසියන් ගණන 89 ක් වූ අතර අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් ශ්‍රී ලාංකිකයෙකුට හිමිවන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාතිය උදෙසා කරන ලද සේවය අගයමින් උපහාර වශයෙන් දේශමාන්‍ය සම්මාන 10 කුත් හා ඊට අමතරව දේශබන්ධු සම්මාන 9 ක් සහ විද්‍යා ජෝති සම්මාන 11 ක් ද පිරිනැමුණ බවයි.

ශ්‍රී ලංකාව සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් මෙරට පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා පිරිනැමෙන ශ්‍රී ලංකා රංජන සම්මාන දෙකක්ද මෙහිදී පිරිනැමුණ අතර ඒ, ආචාර්ය සරත් ඩී.ගුණපාල සහ සරත් සිද්ධාර්ථ කාවුල් යන මහත්වරුන් වෙනුවෙනි.

ඡායාරූප පහතින්..