පාකිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන් පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයකින් පසුව ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනමක් පැනවීමට එරට දූෂණ විරෝධී ක්‍රිකට් කමිටුව පසුගිය 16 වැනිදා පියවර ගෙන තිබේ.
පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය අතරතුරදී තරග පාවාදීම් සහ ඇදෙන සිද්ධීන් සම්බන්ධයෙන් මෙසේ මොහොමඩ් ඉර්ෆාන්ට තහනමක් පැනවී ඇති අතර ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ අවසන් වනතුරු මෙම තහනම පනවා තිබේ.
34 හැවිරිදි මොහොමඩ් ඉර්ෆාන්ට දින 14 ක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති අතර පාකිස්තාන් නීති සංග්‍රහයේ 2.4.4 නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තහනම පනවන ලදී.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමීන් පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායකයෙකු වන ජාවෙඩ් මියැන්ඩාඩ් සඳහන් කර ඇත්තේ මෙවැනි අකාරයේ ක්‍රීකට් තරග පවාදිම් සම්බන්ධයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතු බවයි.










