FAST NEWS

24×7 Around the Globe

රේගුවේ ඉහළ ලොක්කෙක් පොඩි අයට බලපෑම් කරලා…

ඉතාලියේ සිට ගෙන්වන ලද දුම්වැටි හා මත්පැන් ඇතුළත් කන්ටේනරයක් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලෙස රේගුවේ ඉහළ බලධාරීයෙකුගෙන් පහල නිලධාරීන්ට බලපෑම් එල්ලවෙමින් පවතින බව රේගු ආරංචි මාර්ග පවසන ලදි.

පෑලියගොඩ NNR අංගණයේ දැනට පවත්නා අඩි 40ක් දිග මෙම කන්ටේනරය රේගුවේ අතිරේක අධ්‍යක්ෂවරයෙකුගේ බෑණාට අයත් සමාගමකින් ගෙන්වා ඇති බව සඳහන්ය.

ඒ අනුව පෞද්ගලික මට්ටමේ භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයක් ලෙස සලකා අදාළ කන්ටේනරය නිදහස් කරන ලෙස මෙම අධ්‍යක්ෂවරයාගෙන් නිලධාරීන්ට බලපෑම් එල්ල වන බව වාර්තා විය.