FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් යළි පිටියට – සනත් ජයසුරියගෙන් විශේෂ ප්‍රකාශයක්..

පසුගිය ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකා සංචාරයේදි අබාධයකට ලක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් අප්‍රේල් මස 04 වැනිදා බංගලාදේශය හා ශ්‍රී ලංකා පැවැත්වීමට නියමීත පළමු විස්සයි විස්ස තරගය සඳහා එක්වනු ඇති බව ක්‍රීකට් තෙරිම් කමීටු සභාපති සනත් ජයසුරිය මහතා මාධ්‍ය වෙත පැවසීය.

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නරඹමීන් සිටියදී සනත් ජයසුරිය මහතා මේ බව සඳහන් කර සිටියේය.

එසේම සිය අබාධ තත්වය සුව අතට පත් වීමට තවත් සති තුනක කාලයක් පමණ ගතවනු ඇති බව වෛද්‍යවරු සඳහන් කළ බවද ඇන්ජලෝ මැතිව්ස් සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර තිබේ.

(ADS)