FAST NEWS

24×7 Around the Globe

‘මා එහි ගියේ ඇමතිකම් තනතුරු ගන්න නොවෙයි’…

ප‍්‍රබල තනතුරක් ලබා ගෙන තමා ආණ්ඩුවට එක් වන්නේ යැයි පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවයක් නැති බව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතා පැවැසීය.

‘මා ශ‍්‍රීලනිප සම්මේලනයට යාම ලොකු ගැම්මක් වෙලා. මා එහි ගියේ ඇමතිකම් තනතුරු ගන්න නොවෙයි. ශ‍්‍රීලනිප සාමාජිකයෙක් විදිහට සම්මේලනයට සහභාගි වුනා. එච්චරයි’ යැයිද ඔහු එහිදී පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ අගුණුකොලපැලැස්සේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

චමල් රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ඒවා සාර්ථක බවටත් පසුගිය කාලය පුරාම වාර්තා පල විය.