ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත රටේ ආරක්ෂාව සහ මුදල් පාලනය ලබාගන්නා ලෙස ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් දිනෙන් දින වැඩි වෙමින් පවතින බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.
මේ වන විට ත්‍රිවිධ හමුදාව ජනාධිපතිවරයා යටතේ පවතින බවත් පොලිසිය අගමැතිවරයා යටතේ පවතින බවත් මහා ඇමැතිවරයා කියා සිටියේ බත්තරමුල්ල පළාත් සභා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහා ඇමැතිවරයා මෙසේද කීය.
මේ වන විට ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ ජනාධිපතිවරයා යටතේ පවතිනවා. පොලිසිය සහ පොලිස් බුද්ධි අංශ අගමැතිවරයා යටතේ සිටින එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයෙක් යටතේ පවතිනවා. මේක නොයෙක් අවස්ථාවලදී අහිතකර ලෙස බලපා තිබෙනවා. ඒ නිසා මේ දෙකම ජනාධිපතිවරයා යටතට පත්කර ගන්න කියලා ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් වැඩි වෙමින් පවතිනවා.
ජනතාව කියන්නේ මේ රටේ පාලනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදුන් බවයි. ඒ නිසා රටේ ඇතිවන හැම අර්බුදයකටම ජනාධිපතිවරයා මැදිහත් වී විසඳුම් ලබාදෙන නිසා ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඒ නිසා රටේ ආරක්ෂාව සහ මුදල් පාලනය ජනාධිපතිවරයා යටතට ගැනීමට ඉල්ලීම් ඉදිරිපත්වී තිබෙනවා.
කොහොමත් මේ වන විට අපිට ගමට යන්න පුළුවන් තත්ත්වයක් තිබුණත් එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට ගමට යන්න බැහැ. ඒ අයට වැඩියෙන්ම බනින්නේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් පිරිසමයි. අද යහපාලනය අවමානයට ලක්වී තිබෙනවා.
අද රටේ සුළු සිද්ධිවලටත් උද්ඝෝෂණ, මේවා නිසා අහිංසක මහජනතාවගේ කාලය මහා මාර්ගවල ගතවෙනවා. මේවාට වගකියන්න කෙනෙක් අද නැහැ.
ඇතැමුන් පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීම ගැන කතා කරනවා. මධ්‍ය රජය යටතේ ඒවා තිබීම ප්‍රමාණවත්. ඉඩම් බලතලත් මධ්‍යම රජය යටතේ පැවැතීම හොඳයි. පළාත් ඉඩම් සම්බන්ධයෙන් රජය යම් පියවරක් ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් පළාත් සභාවලින් විමසීමක් කරනවා නම් එය හොඳයි.
මේ වන විට පළාත් පාලන ආයතනවලට තිබූ බලතල කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරිය පවරාගෙන තිබෙනවා. එම බලතල පළාත් පාලන ආයතනවලට නැවත ලබාදීමට මේ වන විටත් පළාත් සභාවන් ප්රඥප්ති සකස් කර තිබෙනවා. ඒවා පළාත් සභා තුළ සම්මත කර ආණ්ඩුකාරවරයාගේ අනුමැතියෙන් ගැසට් කිරීමටත් මේ වන විටත් කටයුතු සකස් කරමින් සිටිනවා.
මානව හිමිකම් කවුන්සිලයට විදේශ කටයුතු ඇමැතිතුමා ගිහින් මොනවාට එකඟ වුණත් මේ රටේ විදෙස් විනිසුරුවරුන්ගෙන් යුද අධිකරණ පිහිටුවන්න ජනාධිපතිවරයා ඉඩ තබන්නේ නැහැ. විදේශ කටයුතු ඇමැතිවරයා ඔහුගේ මතය මානව හිමිකම් කොමිසමට කියන්න ඇති. නමුත් ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය එය නොවෙයි කියා මම වගකීමෙන් කියනවා.
රටේ ත්‍රස්තවාදය නැති කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක්. රටේ යුද්ධය නැති කිරීමේ වාසිය මේ වන විට ජාති ආගම් බේදයකින් තොරව සියලුම පුරවැසියන් භුක්ති විඳිනවා. ත්‍රස්තවාදයෙන් 5 වතාවක් දිවි ගලවා ගත් අයෙක් තමයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා. ඒ නිසා ත්‍රස්තවාදය ගැන ඒ මහතාට කියන්න අවශ්‍ය නැහැ. කොහොමත් ජනාධිපතිවරයා රණවිරුවන්ට අසාධාරණයක් වන ආකාරයට වැඩ කරන්නේ නැහැ.
පුරවැසි බලය නොවෙයි මොන බලමුළු හැදුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ආණ්ඩුවේ වැරදි දේ විවේචනය කරනවා. මා ගැන ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණිලි කරන්න යනවා කියලා තියෙනවා. ඒ අය හිතනවා ඇති ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ කියලා. ඒ අයට වැරදිලාද කොහෙද?
ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙකම එක්වයි ඡන්දයට ඉදිරිපත් වන්නේ. එහිදී දිනන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස්. එහිදී තනතුරු ලබාදීමේදීත් අපි අතර බෙදීම් නැහැ කියලා ජනාධිපතිවරයාත් පවසනවා. ජනාධිපතිතුමා කියන්නේ පක්ෂය නොකැඩී ඉදිරිපත් වුණොත් අපි ජයගන්නවා කියන එකයි. ඒ සඳහා මේ වන විටත් වැඩ සටහන් කිහිපයක් අපි ආරම්භ කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මහ ඇමැතිවරුන් සාකච්ඡා කළෙත් එය අරමුණු කරගෙනයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.