මහේල ජයවර්ධනට එංගලන්තයෙන් ලංසු තැබීමට සැරසෙයි.

මහේල ජයවර්ධනට එංගලන්තයෙන් ලංසු තැබීමට සැරසෙයි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන, එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට එක් කර ගැනීමේ සූදානමක් පවතින බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය අද හෙළිදරව් කළා.

ඒ සඳහා ඔවුන් දැනටමත් මහේල ජයවර්ධන සමඟ සාකච්ඡාවලට එළඹී ඇති බවයි වාර්තා වන්නේ. 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමි කර ගැනීම සඳහා පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් වත්මන් එංගලන්ත පුහුණුකරු වන අතර, ඔහු ඒ සඳහා මැදිහත් වී ඇති බව සදහන්.

කෙසේ නමුත් ඒ සඳහා මෙතෙක් ගිවිසුමකට එළඹී නොමැති බව එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රවුස් ප‍්‍රකාශ කර තිබෙනවා.