FAST NEWS

24×7 Around the Globe

දඹුලු එළවළුවල තොග මීල පහතටම වැටෙයි..

මේ දිනවල දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන බොහෝ එළවළුවල තොග කිලෝවක මිල රුපියල් 5- 20ක් අතර මිලකට පහත වැටී තිබේ.

වම්බටු, එළබටු, ගෝවා, ලීක්ස්, කැරට්, දඹල, රාබු ආදී එළවළු වර්ගවල මිල මෙසේ පහත වැටී ඇත.

එබැවින් එම එළවළු තොග වෙනත් අලෙවි මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් වහාම ඇතිකර එළවළු ගොවියා ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස මාත‍ලේ ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති සුනිල් රණවීර මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

මෙම අතිරික්ත එළවළු තොග එසේ අලෙවි කරගත නොහැකි වුවහොත් ඉවත දැමීමට සිදුවීමෙන් ගොවියාගේ ආර්ථිකයට විශාල බලපෑමක් වනු ඇතැයිද ඒ මහතා කීය.

(ADS)