FAST NEWS

24×7 Around the Globe

මහ රෑ කිරිබත්ගොඩ හෝටලයේදී සිදුවුණ පහරදීම ගැන පියුමි ඇත්තම කියයි..

රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙන පුවතක් වාර්තා වුණි.

කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙය සිදුවී ඇති බව වාර්තා වේ.

පහර කෑමට ලක්වූ පිරිස කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර ඇති අතර පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගත කර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අප පියුමි හංසමාලිව සම්බන්ධ කරගත් අතර ඇය පැවසුවේ එම පහරදීමට ඇය සම්බන්ධ නොවූ බවයි.

පියුමිගේ යහළුවන් පිරිසක් සහ ඔවුන් අතර සිදුවූ වචන හුවමාරුවක් නිසා එම සිදුවීම වුණ බවත් පැවසූ ඇය මාධ්‍ය ආයතනවල සාමාජිකයන් පිරිසකට යැයි කියන කථාව අසත්‍යයක් බවත් කියා සිටියාය.

ඇයගේ නම මෙම පහරදීමට සම්බන්ධ කිරීමට බොහෝ මාධ්‍ය උත්සාහ දරණ බවත් ඇය එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවත් වැඩිදුරටත් පැවැසුවාය.