FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණූ 338 කට සීමා වෙයි..

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග කොළඹ පී.සරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දිවා අහාරයට පෙරාතුව, කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණූ 338 කට සීමා කිරීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් විය.

ඊයේ (15) දිනයේ අයහපත් අලෝක තත්වය හේතුවෙන් තරගය නියමීත වේලාවට කලින් අත්හිටුවීමට විනිසුරුවෝ ක්‍රියා කලහ.

එ අනුව අද (16) දිනයේ දහවල් 12 ට ලබා ගැනීමට තිබු දිවා අහාරය පැය භාගයකින් ප්‍රමාද කෙරුණී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැලුණු දිනෙෂ් චන්දිමාල් පන්දු 300 ක් තුල හයේ පහර 01 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 138 ක් රැස් කළේය.

දිනෙෂ් චන්දිමාල් අද රැස් කර ගැනීමට සමත් වුයේ සිය 08 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශතකයයි.

ලකුණු පුවරුව …