FAST NEWS

24×7 Around the Globe

පැහැරගත් නෞකාවේ ගමන් කල ශ්‍රී ලාංකිකයන්ගේ නම් ගම් මෙන්න..

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් නෞකාවේ ගමන් කල ශ්‍රී ලාංකිකයන්ගේ නම් අනාවරණ වී ඇත.

කාක දුපත, ගාල්ල , අකුරැස්ස , හොරණ ,දෙවිනුවර , මතුගම , කඳාන සහ මීගමුව ප්‍රදේශවල පදිංචි ලාංකිකයන් 8 දෙනෙකු එහි සිටින බවට අනාවරණ වී ඇති අතර පැහැර ගැනීමට ලක්වු නෞකාව මුදා හැරීමට කොල්ලකරුවන් විසින් කප්පම් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු නුවර දක්වා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදීයි නෞකාව පැහැර ගැනීමට ලක්වී ඇත.

පැහැරගනු ලැබූ නෞකාවේ සිටි ලාංකිකයන්ගේ නම් වන්නේ නෞකාවේ කපිතාන්වරයා වන නිකලස් ඇන්තනී ( කාක දූපත ), නෞකාවේ ප්‍රධාන නිලධාරි රුවන් සම්පත් ( මතුගම), නෞකාවේ තෙවන නිලධාරි දිලීප රණවීර (ගාල්ල) , සුනිල් පෙරේරා  (කඳාන), නාවික නිලධාරි ලහිරු ඉදුනිල් විදානපතිරණ (අකුරැස්ස), ප්‍රධාන ඉංජිනේරු
ජයන්ත කළුබෝවිල (හොරණ) , එහි තෙවැනි ඉංජිනේරු ජනක සමේන්ද්‍ර (දෙවිනුවර) ,අරක්කැමි ඒ.ෂන්මුගම්  (මීගමුව) යන මහත්වරුන් මේ වන විට කොල්ලකරුවන් ග්‍රහණයේ පසුවෙති.

මේ අතර සෝමාලි කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටින මෙම ලාංකික නැවියන් ගැන කෙන්යාවෙ නයිරෝබි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හා ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තොරතුරු සොයා බලමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.