FAST NEWS

24×7 Around the Globe

14 දැරිය ගණිකා නිවාසයක- ලිංගික අපයෝජනයටත් පත්වෙලා..

බොරලැස්ගමුව වේරහැර දහය කණුව ප්‍රදේශයේ නිවසක 14 හැවිරිදි දැරියක් ඇතුළු තවත් කාන්තාවන් 5 දෙනෙකු යොදාගනිමින් ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය හැට හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් සමඟ සිල්ලර වෙළඳසැළක හිමිකරුවෙකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට පත්වුණු 14 හැවිරිදි දැරිය වයස අවුරුදු 13 දී ලිංගික අපයෝජනයට පත්ව පරිවාස භාරයට පත් කර සිටියදී එයින් පළා විත් ඥාතිවරියකගේ නිවසට ගොස් තිබෙන අතර පොලිසිය ගණිකා මඩම වැටලු දිනයේ පෙරවරැවේදී ඇය එම මධ්‍යස්ථානය වෙත  රැගෙන විත් තිබූ බව හෙළිවී තිබේ.

එහි  ගණිකාවන් විකිණෙන අවම මුදල රුපියල් 2000 ක් වන අතර වයසින් අඩු තරුණියක් සඳහා එමෙන් දෙගුණයක මුදලක් අය කරන බව සැකකරුවන් පවසා තිබේ.

අත්අඩංගුවට ගත් මෙම පිරිස නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.