FAST NEWS

24×7 Around the Globe

අවුරුද්දට පෙර ලක් සතොස 50 ක් ඇරේ…

එළඹෙන උත්සව සමයේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට ලක් සතොස මගින් ගෙන ඇති පියවර ගෙන ඇති බව ලක් සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතාගෙන් මාධ්‍ය වෙත පැවසීය.

ලක් සතොස වෙළෙඳසැල් හාරසියයකට අධික සංඛ්‍යාවක් පවතින බව ඒවා හරහා පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.

එසේම අලුත් අවුරුද්දට පෙර මාර්තු  මස අග භාගයේදීඑකම දිනයකදී ලක් සතොස වෙළෙඳසැල් 50ක් අලුතින් විවෘත  කිරීමට බලාපොරොත්තුවන බව හෙතෙම සඳහන් කළේය.

තවද සිංහල අවුරුදු සමයේ නිවාඩු දින පැවතියද ලක් සතොස විවෘතව තැබෙන බවත් හෙතෙම පවසයි.

“අන්තිම මොහොතේ අලුත් අවුරුද්ද ලබනකල් අපි අලෙවිසැල් විවෘතව තබනවා. 14 වැනිදාත් අපිට වෙළෙඳසැල් විවෘතව තබන්න පුළුවන්කමක් ලැබෙනවා නම් එදිනත් සතොස විවෘතව තබන්න අපි උත්සාහ දරනවා”

(ADS)