2018 වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් උළෙලට සමගාමීව තුන්කොන් විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ මාර්තු 15 සිට 30 දක්‌වා පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධනාවට අනුව බංග්ලාදේශය සහ ඉන්දියාව මෙම තරගාවලිය සඳමා කැමැත්ත පළ කර ඇති බව හෙතෙම පැවසීය.
”අපේ ආරාධනයකට අනූව නිදහස් කුසලාන විස්‌සයි විස්‌ස තරගාවලියකට ඉන්දියාව සහ බංග්ලාදේශය කැමැත්ත පළ කළා. ශ්‍රී ලංකාවේ අභිමානය වෙනුවෙන් මේ තරගාවලිය පවත්වන්නේ ලංකාවේ 70 වැනි නිදහස සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට අවුරුදු 70 ක් පිරීම නිමිතිකොට ගෙනයි. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දායකත්වය සැපයූ ක්‍රීඩකයන්, නායකයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා ඇගයීමකට ලක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.” යෑයි ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.
(ADS)







