FAST NEWS

24×7 Around the Globe

කොළඹ හෝටල් ගැන ජනපති කියූ හැටී…

කොළඹ සහ මෙරට අනෙකුත් හෝටල්වල ආහාර හදන කුස්සිවලට ගියොත් එම ආහාර කෑමට හිතන්නවත් නොහැකි බවත් හා ඒ වගේම එම ආහාර කන මිනිසුන්ට සිද්ධ වෙන දේ හිතාගන්න බැරි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඊයේ (15) නෙළුම් ‍පොකුණ රඟහ‍ලේ දී පැවැති පාරිභෝගික දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ නිසා මිනිසුන් මනුෂ්‍යත්වයේ නාමයෙන් තම නිෂ්පාදන පාරිභෝගිකයාට පරිභෝජනය කළ හැකි ලෙස නිෂ්පාදනය කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම අද මනුෂ්‍යත්වය නොදත් මනුෂ්‍යත්වයට නොගැළපෙන මිනිසුන් ආහාර හදන්න තාක්ෂණය පාවිච්චි කරන්නේ මිනිසුන්ගේ පරිහානිය සඳහා බවත් එය බරපතළ වරදක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරියේ දී පාරිභෝගික අයිතිවාසිකම් උපරිමයෙන් ඉටු කිරීමට රජයක් ලෙස කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.