FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය බලපැම් නිසා ICC සභාපති ඉල්ලා අස්වෙයි…

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා ඊයේ (15) සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇතිවූ මත ගැටුමක් බව මනෝහර් මහතා ඉල්ලා අස්වීමට මූලිකම හේතුව ලෙස සඳහන් කර ඇති බවද පැවසේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන්, වසර දෙකක කාලයක් සඳහා, පසුගිය වසරේදී වැඩ බාරගත් මනෝහර් මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ව්‍යූහය වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටි බවද පැවසේ.

මෙම නව ප්‍රතිපත්ති සකස් කර තිබුණේ ක්‍රිකට් ලෝකයේ මහ බලවතුන් තිදෙනා වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයට හිමි වැඩිවාසි වෙනුවට සෑම සාමාජිකයකුටම සම්පත් සාධාරණව බෙදී යන ආකාරයෙන් බවද ක්‍රීඩා මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)