FAST NEWS

24×7 Around the Globe

දිනේෂ් චන්දිමාල්ගෙන් වාර්තාවක්…

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 500ට වැඩි ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර හොඳම සාමාන්‍යයක් සහිත පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයට දිනේෂ් චන්දිමාල් පත්විය.

ඒ ඊයේ(15) තරගයේදී ඔහු බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 86ක් රැස්කිරීමත් සමගිනි.

ඊයේ(15) දිනයේදී චන්දිමාල් ක්‍රීඩා කල තරගයත් සමගින් ඔහු බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 6ට ක්‍රීඩා කරමින් ලකුණු 526ක් රැස්කරගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ සාමාන්‍ය ලෙස 131.50ක් ලෙස සටහන් වෙයි.

එසේම ඔහු ශතක තුනක් හා අර්ධ ශතක දෙකක් රැස්කර තිබේ.

පාකිස්තානයේ මොහොමඩ් යූෂෆ් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 500ට වැඩියෙන් රැස්කළ හොඳම සාමාන්‍යයක් පවත්වාගෙන ගිය පිතිකරුවා වූ අතර ඔහු තරග පහකදී ලකුණු 503ක් රැස්කරමින් 251.50ක සාමාන්‍යයක් පවත්වාගෙන යයි.