FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 25 ක් පරණ බෝම්බයක් පුපුරලා…

වසර විසිහයකට පෙර පැවති ඉරාකය – කුවේට් යුද්ධයේදී භාවිතා කරන ලද පොකුරු බෝම්බයක් කුවේට් පිරිමි දරුවකු මරණයට පත්කරමින් පසුගියදා පුපුරා ගොස් ඇත.

බෝම්බය පිපිරීමෙන් පිරිමි දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහුගේ සහෝදරිය දරුණු තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර සදහා දැඩි සත්කාරයට ඇතුලත් කර ඇත.

කුවේට්හි ගම්බද ප්‍රදේශයකදී බෝම්බය කුඩා දරුවන් දෙදෙනාට හමුවී ඇති අතර එය ඔවුන් නිවසට රැගෙන ඇවිත් සෙල්ලම් කරමින් සිය ඇත.

සෙල්ලම් කරමින් සිටින අතරතුරදී බෝම්බය පුපුරා ගොස් ඇති අතර පිපිරීමෙන් හේතුවෙන් නිවස ගිනිගෙන ඇත.

අල්-කබාරි ප්‍රදේශයේදි මෙවැනිම බෝම්බයක් කුවේට් ජාතිකයකුට හමුවී ඇති අතර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් නිෂ්ක්‍රීය කර ඇත.

බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් කුවේට් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.