FAST NEWS

24×7 Around the Globe

Google jacket එක ජංගම දුරකථනය පාලනය කරන්නේ මෙහෙමයි.. (වීඩියෝ)

තාක්ෂණය අතින් ඉතා දියුණු සමාගමක් වන Google සමාගම විසින් මේ දිනවල fiber තාක්ෂණය උපයෝගී කරගෙන අලුත්ම කබායක් නිර්මාණය කර ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන ලදි.

මෙම කබාය පැළද ඔබගේ Smart ජංගම දුරකථනයේ Bluetooth on කිරීමෙන් අනතුරුව මෙම කබායේ අත මත ස්පර්ශ කිරීමෙන් හෝ තට්ටු (Tap) කිරීම මගින් දුරකතනයේ සංඥා පුවරුවේ ඇති යතුරු පාලනය කිරීමේ හැකියාව ඔබට ලැබේ.

උදාහරණයක් ලෙස ඔබට සින්දුවක් ශ්‍රවණය කිරීමට හෝ ශ්‍රවණය කරන සින්දුවක් නැවැත්වීමට අවශ්‍ය වූ විට ඔබ කල යුත්තේ කබායේ අත මත තම ඇඟිලි දෙක මගින් දෙවරක් තට්ටු කිරීම පමණි.

මෙම නවතම කබාය මගින් ඔබගේ ජංගම දුරකථනය පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ඔබට ලැබේ.

වීඩියෝව පහතින්..