FAST NEWS

24×7 Around the Globe

මවක් තම දියණිය වෙළඳසැලේ අමතක කර ගිය හැටි මෙන්න.. (වීඩියෝ)

වෙළඳසැලකට පැමිණි කාන්තාවක් තම කුඩා දියණිය වෙළඳසැල තුළ අමතක කර නිවසට ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාල සිදුවීම කැලිෆෝනියාවේ සිදුවී ඇති අතර එම දැරිය වයස අවුරුදු එකක දැරියක් බවත් මෙම කාන්තාව 32 හැවිරිදි වියේ පසුවන බවත් වාර්තා විය.

පසුව පැය කිහිපයකට පසුව වෙළඳසැල තුළ අතරමං වී සිටි දැරිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අනතුරුව දැරියගේ මව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

පසුව සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ මෙම කාන්තාවට වෙළඳසැල තුලදී පුද්ගලයෙක් විසින් දරුවා එක්වරක් ගෙනවිත් භාරදී ඇති අතර එහිදී ඇය දරුවාට නිදහසේ ඉන්න දෙන ලෙස එම පුද්ගලයාට පැවසූ බවයි.

අදාළ වෙළඳසැලේ CCTV කැමරාවල සටහන්ව තිබු රූපරාමු පහතින්..