FAST NEWS

24×7 Around the Globe

සැලැස්මකට නිදැල්ලේ සැරිසරණ ගවයින් අැල්ලීමට යයි…

නිදැල්ලේ සැරිසරණ ගවයින් අල්ලා ගාල් කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන බස්නාහිර පළාත් මහනගර සංවර්ධන සැලැස්ම අනුව ඊයේ(13) සිට මෙය ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙලෙස නිදැල්ලේ සැරිසරණ ගවයින් හේතුවෙන් මහජනතාවට හිරිහැර සිදුවීම, රියඅනතුරු ,මාර්ග තදබදය ආදී කරුණු සම්බන්ධයෙන් ජනතා පැමිණිලි රැසක්ද ලැබී ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරන ලදි.